පාන්පිටි මිල වැඩි කර ඇත්තේ රජයේ අවසරයකින් තොරව – පාන් මිලත් ඉහළට

Share Button

පාන්පිටි මිල අදාල සමාගම් වැඩි කර ඇත්තේ රජයේ අවසරයකින් තොරව යැයි වෙළෙඳ හා වාණිජ අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග මහත්මිය පවසයි. ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සොයා බැලිමට වෙළෙඳ හා වාණිජ අමාත්‍යංශය අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්විය. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරිහුද ඊට එක්වුහ. අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. . මේ වනවිට ලෝක වෙලෙඳපොළේ පාන් පිටි මිල අඩු වී ඇත. මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් දෙක වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියයි. තම සංගමයට පිටි ආනයනය කිරිමට ඉඩ දෙන්නේ නම් කිලෝවක මිල දැනට වඩා රුපියල් 20 ක් අඩුවෙන් ලබාදිය හැකිබව ඔහු කියා සිටි. පිටිමිල වැඩි කිරිම ගොවින්ට වාසිදායක යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. විරකෝන් මහතා පැවසිය එමගින් ජනතාව සහල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් පරිභෝජනයට පෙළඹෙනු ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ද පෙන්වා දෙන්නේ පිටි මිල වැඩි විම මගින් යහපත් ප්‍රවනතාවක් ඇතිවන බවයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රූම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසිය සෙසු ආහාර මිල ගණන් ද ඉහල යනු ඇත. නාගරික සහ වතුකරයේ ජනතාව වැඩි වශයෙන් පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන අනුභව කරන බව හදුනාගෙන තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *