පුද්ගලයින් 166 දෙනෙකුට මරු කැදවු මුම්බායි ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියා අත්අඩංගුවට

Share Button

පුද්ගලයන් 166 දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් 2008 වර්ෂයේදී ඉන්දියාවේ මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම්කරු අත්අඩංගුවට ගෙන තිබේ. හෆීස් සෙයිඩ් වන ඔහු පකිස්ථානයේදී අත්අඩංගුවට ගත් බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. පකිස්ථානයේ ලාහෝර් නගරයේ සිට ගුජ්ජන් නගරය දක්වා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ඇමෙරිකාව මෙම පුද්ගලයා ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තිබේ. ඔහු පිළිබඳ තොරතුරු සපයන්නෙකුට ඇමෙරිකානු ඩොලර් කෝටියක ත්‍යාගයක් ලබාදෙන බවට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *