ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රිඩා අමාත්‍යවරයා දැනුම් දෙයි

Share Button

ජනාධිපති ක්‍රිඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. වසරේ විශිෂ්ටතම ක්‍රිඩා පෞර්ශයට හිමි ජනාධිපති සම්මානය බර ඉසිලීමේ ක්‍රිඩක ඉන්දික දිසානායකට එහිදී පිරිනැමිණ. කුසලතා පුර්ණ ක්‍රිඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු සම්මාන ලැබුවාය. ක්‍රිඩා පරිපාලකයකු වූ ප්‍රේමා පින්නවල මහතාද. රග්බි ක්‍රිඩාවට කල සේවාව වෙනුවෙන් චන්ද්‍රසාන් පෙරේරා මහතාද ක්‍රිඩා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උළෙල අමතමින් කියා සිටියේ බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියෙන් පසු සියඵ පුහුණුකරුවන් ඉවත්කර ඔවුන්ට නිසි ඉලක්කයක් ලබා දී යලි පත් කිරීම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි. ක්‍රිඩාවෙන් දේශපාලනය ඉවත් කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11