අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට පස්වරුවේ

Share Button

 

 

අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට පස්වරුවේ සිදුකෙරේ. දේහය අද පස්වරු 600 සිට හෙට දහවල් දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබේ. මියයන විට ඔහු අසූවැනි වියෙහි පසුවිය. රෝයි ද සිල්වා මහතා චිත්‍රපට අධ්‍යක්ෂවරියක මෙන්ම චිත්‍රපට නිලියකද වන සුමනා අමරසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයායි. දේශීය සිනමා කාර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ සිනමාකරුවෙකු වු රෝයි සිල්වා මහතා මදුසිහින. සැණසිලි සුවය. පික්පොකැට්. මේ දෑස කුමටද. මිහිදුම් සිහින. ඔබට දිවුරා කියන්නම් වැනි සිනමා කෘති වෙනුවෙන් සිය රංග ප්‍රතිභාව මුසු කළේය. ඔහු චිත්‍රපට කිහිපයකට අධ්‍යක්‍ෂණයෙන්ද දායකවී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *