එබෝලා වෛරසය මාරක වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

Share Button

කොංගෝ සමුහාණ්ඩුවේ පැතිරයන එබෝලා වෛරසය මාරක වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ නිසා ජාත්‍යන්තරයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබේ. වෛරසය පැතිරීමෙන් කොංගෝවේ මිලියන දෙකක පමණ ජනතාවක් අවදානමට ලක්ව සිටිති. ඉකුත් අගෝස්තු මාසයේ සිට එබෝලා හේතුවෙන් 1600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එරට ගුවන් තොටුපල සහ දේශසීමා ආශ්‍රිතව ද රෝගීන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි රෝග තත්ත්වයක් හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ පස්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර සීකා වෛරසය. කුරුලු උණ රෝගය. පෝලියෝ මර්දනය වෙනුවෙන් ද මෙවැනි තත්ත්ව ප්‍රකාශයට පත්කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *