විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මුල් මාස පහේදී රටට ඩොලර් කෝටි 270 කට වැඩි වාර්තාගත ආදායමක්

Share Button

පසුගිය මැයි මාසයේ විදේශ අංශය සාපේක්ෂ වශයෙන් ස්ථායි තත්ත්වයක පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වුයේ වෙළෙඳ පරතරය අඩුවීමයි. එම මාසයේදී වෙළෙඳ හිගය ඇමෙරිකානු ඩොලර් කෝටි 83 ක් දක්වා අඩුවී ඇත. ඊට හේතු වුයේ ආනයන වියදම් සැලකිය යුතු අන්දමකින් පහත වැටිම සහ අපනයන ආදායම් ඉපයිම් ඉහල යාමයි. මැයි මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ලැබුනු ආදායම සියයට 70 කින් පමණ අඩුවී තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාර ඊට හේතු විය. එහෙත්. ජුනි මාසය වනවිට සංචාරකයින්ගේ පැමිණිමේ වර්ධනයක් ඇති විය. මැයි මාසයේදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුනු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 56 ඉක්මවීය. මේ වසරේ මුල් පස් මාසය තුළ එම ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබි ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 273 ඉක්මවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *