ඔස්ට්‍රෙිලියානු මහ කොමසාරිස්වරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

Share Button

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙිලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඊයේ පස්වරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවි සාකච්ඡා කළේය. උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී එය පැවැත්වුනි. උතුරු පළාතේ ඔස්ට්‍රෙිලියානු රජය සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරින. පළාතේ ජල ගැටඵව විසදීම සදහා වඩමාරච්චි ජලසම්පාදන යෝජනා ක්‍රමය සහ වඩමාරච්චි ක්‍ෂේත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. උතුරු පලාතේ සංචාරක කර්මාන්තයේ දියුණුවට දායකත්වය ලබාදීමට ඔස්ට්‍රෙිලියානු රජය සුදානම් බව මහකොමසාරිස්වරයා කීවේය. ඒ සදහා පුහුණු සේවා ද ලබාදීම අපේක්ෂාවයි. එමෙන්ම ඔස්ට්‍රෙිලියාවට නීති විරෝධිව ඇතුඵවීමට උත්සාහ කරන්නන්ට තම රජය දැඩි පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *