හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඇප දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක්

Share Button

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් ඇප නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ අද ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය. නිශ්චිත බුද්ධි තොරතුරු නොසලකා හරිමින් සිය ගණනක ජීවිත බිලි ගැනීමට සැකකරුවන් ඉඩහැර ඇති බවට මිනීමැරුම් චෝදනා නගමින් එය ඉදිරිපත් කර ඇත.
මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුඵ විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යලි විභාගයට ගත් අවස්ථාවේ එහි වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 16 වැනිදාට කල් තැබුණි. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම සදහා දිවි නැගුම අරමුදලින් රුපියල් මිලියන 2994 ක මුදලක් වැය කර රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *