ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා තව දින කිහිපයකින්

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා තව දින කිහිපයකින් නිම වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. වඩාත් සුදුසු වන්නේ නව සන්ධානය පිහිටුවීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කිරීම බව පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේය. පක්ෂ දෙක ඒකාබද්ධව ක්‍රියා කිරීමේ වැදගත්කම පක්ෂවල නායකයින් අවබෝධ කර ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එන යෝජනාවලට සහාය දෙන බවද හෙතෙම සදහන් කළේය. එහිදී අදහස් දැක්වු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ විකල්ප දේශපාලන මාවතක් ගොඩනැගීම සදහා කථිකාවක් අවශ්‍ය බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *