භාෂා ගැටඵ හේතුවෙන් යුද වාතාවරණයකට මග පෑදු බව අගමැති පවසයි

Share Button

නව තාක්ෂණික උපාංග භාෂාව ඉගැන්වීම සදහා සාර්ථකව යොදා ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. භාෂා ගැටඵ හේතුවෙන් වෙනත් ජාතීන් සමග කථාබහ කිරීමට නොහැකි වීම යුද වාතාවරණයකට මග පෑදු බව අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. දන්නවනම් උගන්වන්න. දන්නැත්නම් ඉගෙන ගන්න වැඩසටහනින් විශිෂ්ට ප්‍රතිඵල ලැබු සිසුන් හා ගුරුවරුන් ඇගයීම එහිදි සිදුවිය. භාෂා ඉගැන්වීමේ ක්‍රියාවලිය සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් වේගවත් වන බව හෙතෙම සදහන් කළේය.
එහිදී අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ දෙමළ භාෂාව හදාරන සිසුන් සංඛ්‍යාව මෙම වසරේ දී සියයට 50 ක් ඉහල ගොස් ඇති බවයි. උතුරේ දරුවන්ට සිංහල හා දකුණේ දරුවන්ට දෙමළ භාෂාව උගන්වමින් උතුරේ සිට දකුණට සුබවාදී පණිවිඩයක් රැගෙන යාම වැඩසටහනේ අරමුණ බව හෙතෙම සදහන් කළේය.
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 9 කින් විකාශය වන මෙම වැඩසටහනට කැපවු කාර්ය මණ්ඩලය ද මෙහිදී ඇගයීමට ලක් විය. ඒ අනුව කුමුදු වජිර පෙරේරා . ශාන්ති වීරසිංහ . ප්‍රියානි ගුණරත්න . ෆාතිමා රාසියා හා කල්‍යානි එගොඩගේ යන මහත්ම මහත්මීන්ට මෙහිදී ඇගයීම් තිළීණ පිරිනැමුණි. වැඩසටහන ඉදිරිපත් කරන ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාරායන් මල්ලිකාදේවි මෙනවිය ද මෙහිදී ඇගයීමට ලක් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *