ස්ථාවරභාවයක් ඇතිවු ශ්‍රී ලංකාව ණයබරින් මුදා ගැනීමේ අභියෝගයට මුහුණදී සිටින බව අගමැති කියයි

Share Button

ස්ථාවරභාවයක් ඇතිවු ශ්‍රී ලංකාව ණයබරින් මුදා ගැනීමේ අභියෝගයට මුහුණදී සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාස්කු ප්‍රහාරයෙන් මාස තුනක් ගතවනවිට රට ස්ථාවර තත්ත්වයකට පත්ව තිබේ. නමුත්. ඉකුත් රජය ලබාගත් විදේශ ණය හේතුවෙන් රට අර්බුදයකට මුහුණදී සිටි. අපනයන ආදායම ඉහල නංවා ගැනීම කෙරෙහි රජය පුර්ණ අවධානය යොමුකර ඇතැයි වික්‍රමසිංහ මහතා පවසයි. සියලු අභියෝග සමග සංවර්ධන වැඩසටහන් ද රජය කාර්යක්ෂ්මව ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කරමිනි. බරම්පොල. කහටවිල. නුගවෙල ප්‍රදේශවලට සෙත සැලසෙන මාර්ග සංවර්ධන කටයුතු අද ආරම්භ විය. බණ්ඩාර කොස්වත්ත මුස්ලිම් මහ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ද විවෘත කෙරින

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *