අර්ධ අවසන් පූර්ව වටයට බ්‍රසීලය සහ බෙල්ජියම

Share Button

ලෝක කුසලාන පාපන්දු ත රගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට බ්‍රසීලය සහ බෙල්ජියම සුදුසුකම් ලබයි. ඊයේ රාත්‍රියේ පැවති තරගයකදි මෙක්සිකෝ කණ්ඩායම පරදවා ගෝල දෙකට බින්දුවක් ලෙස ජය ලැබිමට බ්‍රසිල කන්ඩායම සමත් විය. තරගයේ 51 වන විනාඩියේදි නේමා බ්‍රසීලය වෙනුවෙන් පලමු ගෝලය ලබා ගත්තේය. තරගය අවසන් විමට විනාඩි දෙකක් තිබියදි රොබටෝ ෆර්මිනෝ බ්‍රසීලය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කළේය .

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට බ්‍රසීලය පිට පිට සුදුසුකම් ලැබු 07 වන අවස්ථාව මෙයයි. මේ අතර ඊයේ පැවති තවත් තරගයකදි ජපානය පරදවා බෙල්ජියම් කණ්ඩායම ගෝල තුනයි දෙකක ජයග්‍රහණයක් අත් කර ගනිමින් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බෙල්ජියම් කණ්ඩායම බ්‍රසීලය සමග ලබන සිකුරාදා තරග වදි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්විඩනය සහ ස්විට්සර්ලන්තයද . කොලොම්බියාව සහ එංගලන්තය ද අද තරග වැදිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *