ජනාධිපති සිනමා සම්මාන උළෙල ලබන සිකුරාදා
ජනාධිපති සිනමා සම්මාන උළෙල නෙඵම් පොකුණ රගහලේදී ලබන සිකුරාදා පැවැත්වේ. අවසන් වරට මෙම සම්මාන උළෙල පැවැත්වූයේ 2015 වසරේදීය. වසර 3 ක් සදහා සම්මාන පිරිණැමීම මෙවර සිදු කෙරේ. ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්වෙයි. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යය පැට්රික් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් චිත්‍රපට විනිශ්චය කිරීම සිදු කර තිබේ. චිත්‍රපට 79 ක් සම්මාන ප්‍රධානයේදී විනිශ්චය කල බව චිත්‍රපට සංස්ථා සභාපති අනූෂා ගෝකුල මහත්මිය පවසයි.