හේමසිරි ප්‍රනාන්දු . පූජිත ජයසුන්දර මහත්වරුන්ට ඇප ලබාදිමට එරෙහි නිතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණයේ දි සලකා බැලිම අගෝස්තු පලමුවැනිදා

Share Button

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නිතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම අගෝස්තු මස 01 වැනිදා කැදවිමට කොළඹ මහාධිකරණය තිරණය කරයි. එහිදි චෝදනා ලබා ඇති නිලධාරින් දෙදෙනා අධිකරණය හමුවේ පෙනි සිටිය යුතු බවට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කඵආරච්චි මහතා අද නියෝග කළේය. සැකකරුවන්ට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවන අතුරු ආ්ඥාවක් තමන් මහාධිකරණයෙන් බලාපොරොත්තු වන බව නිතිපති දෙපාර්තමේන්තුව එහිදි පැවසිය . පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලක්වාගැනිමට කටයුතු නොකිරිම සහ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔව්හු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *