මහ බැංකුවේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමට නව පනතක්

Share Button

රටේ ආර්ථිකය කඩා වැටි නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මහ බැංකුවේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීම සදහා පනතක් ගෙනඑන බවද ඔහු කියා සිටි. ඊ ටී අයි ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ට සියයට 30 ක මුදලක් මේ වනවිට ගෙවා ඇතැයි ඔහු සදහන් කළේය.
රාජ්‍ය ආයතනවල විගණන වාර්තා ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා ගිණුම් කාරක සභාව දැනුවත් කරන බව කථානායක කරු ජයසුරිය මහතා කීවේය. එම වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කීවේය.
මුහුද ගොඩ කරමින් වරාය නගරය ලෙස ඉදිකෙරෙන බිම් කොටස කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට එක්කිරීම පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ ඉදිරිපත් කෙරුනු යෝජනාවෙන් සිදුවන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. මෙමගින් අක්කර 1105 ක භුමි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අලුතින් එක්වෙයි. මුහුදෙන් කොටසක් ගොඩකර ගොඩබීමට එකතු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට මෙසේ ඉදිරිපත් වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *