එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් අද

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවැන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේදි අද පස්වරු 05.00 ට ආරම්භ වෙයි. උරුමය සමගියයි යන්න මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි. ප්‍රදර්ශනය පෙරවරු 09.30 ට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව මහජනතාව සඳහා විවෘත කෙරේ. රටෙහි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම ප්‍රදර්ශන මාලාවේ අරමුණයි. රජරටින් නව ව්‍යවසායකයන් බිහි කිරීම මෙවර ප්‍රර්ශනයෙන් අපේක්ෂිතයි. එබැවින් ව්‍යවසායකත්ව අපේක්ෂා සහිත තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබාගත හැකි පරිදි මෙම ප්‍රදර්ශනය කලාප 7 කට වෙන් කර තිබේ. ව්‍යවසායකත්ව. රාජ්‍ය හා පෞද්ගලික අංශ. අධ්‍යාපන. හරිත. නව නිපැයුම්. වාණිජ සහ මාධ්‍ය වශයෙන් මෙම කලාප නම් කර තිබේ. ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 500 ක් පමණ සමන්විත වේ. මෙහිදී රාජ්‍ය ආයතන හා බැංකු වලින් ව්‍යවසායකයන්ට අවශ්‍ය සේවා ලබාගත හැකිය ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස් මගපෙන්විම් හා පුහුණු අවස්ථාද එහිදි සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *