මහනුවර ඇසළ පෙරහර මහෝත්සවය සාර්ථකව පැවැත්විමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි

Share Button

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පැවැත්විම සදහා අවශ්‍ය සියලු පියවර රජය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇසළ පෙරහැරේ ඵෙතිහාසිකත්වය ආරක්ෂා කරමින් එය පැවැත්විම රජයේ වගකිමක් බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අද පෙරවරුවේ ඇසළ පෙරහර පැවැත්විම සම්බන්ධයෙන් මහනුවර පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ඇසල පෙරහර පැවැත්වෙන කාලය තුළ පුඵ්ල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර නැරඹිමට පැමිණි ජනතාව සදහා සියලු පහසුකම් සැලසිමට පියවර ගෙන ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කියයි. සෙසු ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර සදහා ද සහාය ලබාදිමට ක්‍රියාමාර්ග ගෙන තිබෙ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැනට ජිවතුන් අතර සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ පිලිබඳව බියක් හෝ සැකයන් ඇතිකර නොගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අද පෙරවරුවේ මහනුවරට පැමිණි වික්‍රමසිංහ මහතා ශ්‍රි දළදා මාළිගයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිමෙන් පසු මෙම සාකච්ඡාවට එක්විය . එහිදි අදහස් දැක් වූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා කියා සිටියේ පෙරහර පැවැත්වෙන කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහාය ලබාගන්නා බව ද ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *