බලංගොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ තේ වගාවට තර්ජනයක්

Share Button

බලංගොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ තේ අක්කර සියයකට වැඩි ප්‍රමාණයකට  වැළදී ඇති තේ පදුරු මැරීයාමේ රෝගය හේතුවෙන් තේ වගාකරුවෝ දැඩි අර්බුදයට පත්වි සිටිති.

සරුවට වැඩි ඇති තේ පදුරු සති කිහිපයකින් නිසරු වී කොළ හැලිමට ලක්වෙයි.

ඉන්පසු සම්පුර්ණයෙන් මැරී යාම රෝගයේ ලක්ෂණයයි.  තේ පදුරු මුල් ද  දිරාපත් වි යයි.

මේ නිසා වගාකරුවෝ දැඩි  ආර්ථික අර්බුදයකට ද මුහුණ දී සිටිති.  අදාල ඉඩම්වල එළවඵ වගා කිරිමට උත්සාහ කළත් පවතින කාලගුණික තත්ත්වය ඊට යෝග්‍ය නොවේ.

මේ සම්බන්ධයෙන් තේ පර්යේෂණ නිලධාරින්ගේ උපදෙස් බලාපොරොත්තු වන බව තේ වතු හිමියෝ කියති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *