ශ්‍රීී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට දැනුම් දීමට ශ්‍රීි ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කරයි.

Share Button

බංග්ලාදේශ කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු සිය ධුරවලින් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ සැමට දැනුම් දීමට ශ්‍රිී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කොට ඇත. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දුන් උපදෙස් සහ කණ්ඩායමේ කාර්යසාධන දුර්වලකම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් අය යලි ඒ සදහා පත් නොකෙරෙති. අදාල කොන්ත්‍රාත් කාලය තවදුරටත් පවතින පුහුණු කාර්ය මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරී සමග සාකච්ඡා කළ යුතුය. කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ලෙස ක්‍රියා කිරිමට විධායක සභාවේ දී තීරණය කළ බව ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා අප කළ විමසුමක දී පැවසීය.
මේ අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අනිද්දා පැවැත්වීමට නියමිත ශ්‍රීී ලංකා බංග්ලාදේශ ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ලම අලෙවි වී අවසන් බව ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙය ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින තරගයයි. මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා අද නිවේදනය කළේය. 37 හැවිරිදි නුවන් කුලසේකර මෙරට තෙවැනි වැඩිම කඩුලුලාභියා වෙයි. එක්දින ජාත්‍යන්තර තරගවලදී ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 199 කි. පන්දුවාර 20 යි 20 තරගවල දී කඩුලු 66 ක් බිඳහෙලා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *