මහනුවර ඇසල පෙරහර සදහා පුඵල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍යවරයා පවසයි

Share Button

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පැවැත්විම සදහා අවශ්‍ය සියලු පියවර රජය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇසළ පෙරහැරේ ඵෙතිහාසිකත්වය ආරක්ෂා කරමින් එය පැවැත්විම රජයේ වගකිමක් බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අද පෙරවරුවේ ඇසළ පෙරහර පැවැත්විම සම්බන්ධයෙන් මහනුවර පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ඇසල පෙරහර පැවැත්වෙන කාලය තුළ පුඵ්ල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර නැරඹිමට පැමිණෙන ජනතාව සදහා සියලු පහසුකම් සැලසිමට පියවර ගෙන තිබේ. සෙසු ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර සදහා ද සහාය ලබාදිමට ක්‍රියාමාර්ග ගෙන ඇත. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැනට ජිවතුන් අතර සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ පිලිබඳව බියක් හෝ සැකයන් ඇතිකර නොගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද පෙරවරුවේ මහනුවරට පැමිණි වික්‍රමසිංහ මහතා ශ්‍රි දළදා මාළිගයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිමෙන් පසු මෙම සාකච්ඡාවට එක්විය . එහිදි අදහස් දැක් වූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා කියා සිටියේ පෙරහර පැවැත්වෙන කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රීී ඥාණරතන ස්වාමින් වහන්සේ . මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රීී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට මලික් සමරවික්‍රම . රුවන් විජේවර්ධන අමාත්‍යවරු ඇතුඵ පිරිසක් එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *