පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කිසිදු විශේෂ ප්‍රභූ කණ්ඩායමක් රැදී නොසිටි බව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී හෙලි වෙයි

Share Button

පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ යලි රැස් විය. කමිටුව හමුවේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසුවේ සහරාන් නමැති ත්‍රස්තවාදියාට අයි එස් සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවති බවට මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවයි.

පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මාවනැල්ල හා රඹුක්කන ප්‍රදේශවල සිදුවු සිද්ධි පිළිබඳව විමර්ශනයට පොලිස් කණ්ඩායමක් යැවු අතර සිද්ධියට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බව සඳහන් කලේය. කුරුණෑගල සාෆි වෛද්‍යවරයා පිළිබඳව කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කෙරිණි. වෛද්‍යවරයා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව සකස් කළේ විශේෂඥයන් සමග සාකච්ඡා කිරිමෙන් පසුව බව පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය. මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කිසිදු විශේෂ ප්‍රභූ කණ්ඩායමක් රැදී සිටි බවට තොරතුරු ලැබී නොමැති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *