එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ සංචාරයේදී නඩුවකට අදාළ තොරතුරු විමසා නැතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ සංචාරය සංවිධාන කළේ විදේශ කටයුතු අමාත්‍යංශය බව අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. තම අමාත්‍යංශය මෙවැනි කටයුතු සංවිධානය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ඔහු පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. එම නියෝජිත හමුවේදී නඩුවට සම්බන්ධ තොරතුරු එම නියෝජිතයා විමසා නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව එම යෝජනාව ඉදිරිපත් කරමින් ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව විවිධ සංස්කෘතීන්වල විවිධ ජාතීන් ජීවත්වන රටක් බව උතුරු හා නැගෙනහිර දෙමල ජනතාව විශේෂ අනන්‍යතාව සහිත ජන කොටසක් වන බව ඔහු පෙන්වා දුන්නේය.
විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිගාමී පියවරක් බවයි.
විමල් වීරවිංශ මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කලේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ විවිධත්වය ආරක්ෂාවී ඇති බවයි. එබැවින් සමාජ බෙදුම්වාදයේ පදනම බවට විවිධත්වය පත්කරගතයුතු නැතැයි ඔහු පැවසීය.
රටේ ජාතිවාදය ඇවිලීමට ක්‍රියාකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.
ප්රජාතන්ත්රවාදී රටක් තුළ විවිධ ජාතීන් සමගියෙන් ජීවත්වීමේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකෙන බව අරවින්ද් කුමාර් මන්ත්රීිවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ප්‍රකාශ කලේ රටට අනාගතයක් ඇත්තේ ජාතික සමගිය ඇතිවුවහොත් පමණක් බවයි.