2019 ජනාධිපති සිනමා සම්මාන උළෙල අද රාත්‍රියේ

Share Button

2019 ජනාධිපති සිනමා සම්මාන උළෙල කොළඹ නෙඵම්පොකුණ රගහලේදී අද රාත්‍රියේ පැවැත්වේ. සිනමා කර්මාන්තය වෙනුවෙන් තම කාලය. ශ්‍රමය කැපකළ කලාකරුවන් ඇගයීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාව මෙම උලෙල සංවිධාන කර ඇත. 2016 / 2017 හා 2018 වසරවලදී මෙරට තිරගතවු චිත්‍රපට 79 ක් අතුරින් විශිෂ්ඨ කුසලතා දැක්වු කලාකරුවන්ට එම චිත්‍රපට නිර්මාණය කළ ශිල්පීන්ට මෙහිදි සම්මාන පිරිනැමෙනු ඇත. උලෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි වෙයි. ආචාර්ය ටියුඩර් වීරසිංහ. මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් ජුරි දෙකක් මගින් චිත්‍රපට තෝරා ගැනීම සිදු කෙරින.

හොඳම චිත්‍රපටය. හොඳම අධ්‍යක්ෂණය. හොඳම නඵවා. හොඳම නිළිය ආදි වශයෙන් මෙහිදී සම්මාන පිරිනැමේ. උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබු චිත්‍රපටය පුරෝගාමි මෙහෙවරක් ඉටුකළ ශිල්ප ශිල්පීන් හා ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා ශිල්පීන්ට විශ්ව කිර්ති හා ස්වර්ණසිංහ ඇතුඵ සම්මාන 97 ක් මෙහිදී ප්‍රදානය කෙරේ. ජිවිත කාලය පුරා සිනමා ක්‍ෂෙත්‍රයට ඉටුකළ මෙහෙවර උදෙසා ශාන්ති අබේසේකර . ඇන්ටන් ග්‍රෙගරි. කේ. ඩී. දයානන්ද. ස්වර්ණා කහවිට. සුනිල්සෝම පීරිස් . ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන කලාකරුවන්ට මෙහිදී පුරෝගාමි සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.
මෙම සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිනමා ක්‍ෂේත්‍රයේ අඩුපාඩු රැසකට ඉදිරි මාස හය තුළදී විසදුම් දීමට හැකිවනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි. චිත්‍රපට සංස්ථා පනත බලාත්මක කර සිනමා කර්මාන්තය වඩාත් ප්‍රමිතිගත මට්ටමකට ගෙනඒමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *