නව ජාතික අපනයන ප්‍රතිපත්තියක්

Share Button

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නව ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගෙන තිබේ. එම මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය සඳහන් කරන්නේ රාජ්‍යමය සහ පෞද්ගලික අංශයන් හී දායකත්වය යටතේ මෙම නව ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කළ බවයි.

මෙය පොදු පිලිගැනීමක් සහිත අපනයන ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දිය හැකි බවත්, එම නව ප්‍රතිපත්තිය ලබන 19 වනදා එළිදැක්වීමට නියමිත බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ , මේ වන විට මෙරට පවතින අපනයන වටිනාකම වන ඩොලර් මිලියන 15.2 , 2022  වනවිට ඩොලර් මිලියන 28 දක්වා ඉහළ නැංවීමයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *