ජාතික ආරක්ෂාවට බලපෑම් කිරිමට කිසිවෙකුටත් ඉඩනොතබන බවට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

තම රටේ ජාතික ආරක්ෂාවට බලපෑම් කිරීම සදහා කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. රට සුරක්ෂිත වු විට පමණක් ඵලදායිී සංවර්ධනයක් ලගා කරගත හැකිය. ජාතික ආරක්ෂාව තහවුරු නොකර ක්‍රියාත්මක කරන කිසිදු සංවර්ධන කටයුත්තක ප්‍රයෝජනයක් නැත. ත්‍රස්තවාදය වර්තමානයේදි ගෝලීය ප්‍රශ්ණයක් බවට පත්ව ඇති අතර. එය විසදාගැනීම සදහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම පැවසීය. ඇතමුන් දේශපාලන වාසි ලබාගැනීම සදහා ත්‍රස්තවාදයට සහය දක්වමින් සිටින බවද ඔහු කිවේය. සියලු ඉන්දිය ජාතිකයෝ් ජාතික ආරක්ෂාව තහවුරු කිරිමේ කාර්යයේදි ඉන්දිය ආරක්ෂක අංශ වෙත උපරිම සහය දක්වති. එය ප්‍රශංසනීයවේ. ඉන්දිීය ත්‍රිවිධ හමුදාව වේගයෙන් නවීකරණය වෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
====
තුර්කියේ වාසය කරන ලියාපදිංචි නොකළ සිරියානු සරණාගතයින්ට වහාම රටින් පිටවන ලෙස එරට රජය ගෙන ඇති තීරණයට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වේ. ඔවුන්ට තුර්කියෙන් පිටවීම සදහා අගොස්තු 20 වැනිදා දක්වා කාලය ලබාදී ඇත. නමුත් විරෝ්ධතාකරුවන් පවසන්නේ එම තිරණය සාධාරණ නොවන බවයි. තුර්කියේ සිරියානු සරණාගතයෝ මිලියන තුනයි දශම හයක් වාසය කරති. ඉන් මිලියනයක් පමණ ඉස්තාන්බුල් ප්‍රදේශයේ වාසය කරන බව වාර්තාවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *