ඇහැලියගොඩ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනපති අතින් අද ජනතා අයිතියට

Share Button

ඇහැලියගොඩ මුලික රෝහලේ සංවර්ධනය කරන ලද වාට්ටු සංකීර්ණය භික්ෂු වාට්ටුව සහ එක්ස් කිරණ ඒකකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත්කෙරේ. රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකරන පස් මහල් වාට්ටු සංකීර්ණයේ පලමු අදියර ජනාධිපතිතුමා අතින් අද විවෘත වන බව සබරගමු පලාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසයි. වාට්ටු සංකීර්ණයේ මහල් 3 ක ඉදිකිරිම් අවසන් වී තිබේ. ඒ සදහා සබරගමු පළාත් සභාව වැය කළ මුදල රුපියල් මිලියන 120 කි. එහි ඇදන් සංඛ්‍යාව 120 ක් වන අතර ඇදන් 80 කින් සමන්විත දෙවන අදියර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භවේ. ඊට අමතරව ඇහැලියගොඩ තලාවිටිය සිරි සමන් විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණ දෙකක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට පත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *