සැවොම ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකිකයන් ලෙසින් ජීවත් විය යුතුයි

Share Button

වසර 30 ක යුද්ධය හේතුවෙන් අහිමිව තිබු ප්‍රජාතන්ත්‍රවාදය නැවත ලැබී ඇති හෙයින් මේ වන විට ප්‍රජාත්නත්‍රවාදය සම්බන්ධව පවතින ගැටළු විසදා ගැනීමට සියළු දෙනා එක්ව කටයුතු කරමින් එකම ශ්‍රී ලංකිකයන් ලෙස ජීවත් විය යුතු බව හා කිසිවෙකු ඊට විරුද්ධ නොවිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (02) යාපනය නගරයේ වීරසිංහම් ශාලාවේ “නිල මෙහෙවර” ජනපති ජනතා සේවා වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ රුස්වීමේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ජනතාව වැරදි කළ විට රටේ පවත්නා නීතිය අනුව දඬුවම් කළ යුතු බව හා පොලීසිය හමුදාව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙතෙක් නොවිසඳුණු ජනතා ප්‍රශ්න විසඳීම “ නිල මෙහෙවර” ජනපති ජනතා සේ වය වැඩසටහනේ අරමුණයි.

මේ වැඩසටහන යටතේ මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කවල නොවිසදුණු ගැටළු හඳුනා ගැනීමෙන් අනතුරුව අනෙකුත් අමාත්‍ය මණ්ඩල සහය ද ඇතිව ඒවා විසදා දීමට ක්‍රියා කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම ප්‍රදේශයන්හි ජාතික හැදුනුම්පත් නොමැති 10,000 ක වඩා වැඩි පිරිසක් හා ඇස් කණ්ණාඩි අවශ්‍යතාවය සහිත පුද්ගලයන් 40,000 – 50, 000 ක පමණ පිරිසක් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරියේ දී මේ සියළු දෙනාට නොමිලේ ඇස් කණ්ණාඩි හා හැදුනුම්පත් ලබා දීමට මෙන්ම, 25,000 ක් පමණ වන රියදුරු බලපත්‍ර නොමැතිව රිය පදවන්නන් සම්බන්ධ ගැටළු හා ජනතාවගේ ඉඩම් ගැටළු විසදා දීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ්ය.

ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහය අවශ්‍ය බව පෙන්වා දුන් වජිර අබේර්ධන මහතා වත්මන් රජය බලයට පත් වු රාජ්‍ය නිලධාරීන්ගේ පසු වැටුප් වැඩි කිරීමට කටයුතු කළ බව ද සිහිපත් කළේය. මෙහිදී යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථීක නිලධාරීන් සඳහා කාර්යාලයීය ගමන් මළු බෙදා දීම ද මෙහි දී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.පී. විශ්නේශ්වරන් මහතා, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුහන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධීරාජා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනසවන් මහතා, පළාත් සභා මන්ත්‍රී ආනන්දී ශසිධරන් මහත්මිය, පළාත් සභා මන්ත්‍රී සී.වී.කේ. ශිවඥානම් මහතා ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී. කොඩිකාර මහතා ද, යාපනය, කිලිනොචිච් හා වව්නියා දිසාපතිරුඇතුළු රාජ්‍ය නිලධාරීන්  විශාල පිරිසක් ද මීට එක්වුහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *