අගෝස්තු 31 වැනිදා වනවිට විශ්‍රාම වැටුප් සංශෝධන සකස්කර අවසන් කෙරේ.

Share Button

අගෝස්තු මස 31 වැනිදා වනවිට රජය ක්‍රියාත්මක කළ විශ්‍රාම වැටුප් සංශෝධන සකස්කර අවසන් කරන බව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ඊට අවශ්‍ය පියවර ගන්නා බවට දිසාපතිවරුන් දැනුම්දී ඇතැයි ජාතික ගුවන් විදුලියේ සත්‍යෙක්ෂණය වැඩසටහනට අද එක්වෙමින් හෙතෙම කීවේය. මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්වින. සැප්තැම්බර් මාසයේ සිට තමන් දිස්ත්‍රික් මට්ටමින් විශ්‍රාම වැටුප් විෂමතා විමර්ශනයට ලක්කරන බව ඔහු පැවසීය. රාජ්‍ය සේවකයන් සදහා කාර්යසාධනය මුල් කර ගනිමින් උසස්වීම් ක්‍රමවේදයක් සකස් කෙරේ. ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබාදී ඇතැයි ඇමතිවරයා පැවසීය. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා වැඩිම විශ්‍රාමික පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ හා මහනුවර දිස්ත්‍රික්කයේ බව පැවසීය. සෙසු පළාත්වල විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව අඩු නිසා මෙම විශ්‍රාම වැටුප් විෂමතා කඩිනම් කිරීමට හැකියාව ඇතැයි හෙතෙම සදහන් කළේය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *