සහරාන් ත්‍රස්තයාගේ දියණිය සුදුසු භාරකාරිත්වයකට යොමු කරන්නැයි අපරාධ විමර්ශන කොට්ටාශය අධිකරණයෙන් ඉල්ලයි

Share Button

මේ අතර සහරාන් ත්‍රස්තයාගේ අවුරුදු 4 ක් වයසැති දියණිය සුදුසු භාරකාරිත්වයකට යොමු කරන්නැයි අපරාධ විමර්ශන කොට්ටාශය අධිකරණයෙන් ඉල්ලිමක් කලේය. එය සලකා බැලු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඒ පිළිබඳව පරිවාස වාර්තාවක් ලබන මස 21 වැනිදා කැදවන්නැයි නියෝග කලේය. මේ වන වට දරුවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ළමා හා යෞවන ආඥා පනත අනුව සුදුසු නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. සහරාන්ගේ බිරිඳ ඇතුඑ ඇය සමග සිටි තවත් කිහිපදෙනෙකු රහස් පොලිස් භාරයේ රදවා ප්‍රශ්න කෙරෙමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය.

කොළඹ සිනමන් ග්‍රූන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් යන අය රුපියල් ලක්ෂ 20 ක් යොමුකළ බව කියන බම්බලපිටියේ පුද්ගලික බැංකුවක ඇති මුදල් ගිණුම පිළිබඳව වාර්තා යොමු කරන්නැයි අපරාධ විමර්ශන කොට්ටාශය අධිකරණයෙන් කළ ඉල්ලීමට අදාල වාර්තා රහස් පොලිසිය වෙත යොමුකරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අදාල බැංකුවට නියෝගයක් නිතුත් කලේය. බොම්බකරුවා මෙම මුදල් බැරකර ඇත්තේ එම් මුෆාහිල් යන අයගේ ගිණුමකටය. මේ පිළිබඳ වැඩිදුරට විමර්ශන සිදුකොට ලබන මස 21 වැනිදා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *