ආනයනය කළ අපද්‍රව්‍ය රට තුලට රැගෙනයාම වලක්වාලමින් නියෝගයක්
කටුනායක නිදහස් වෙළෙඳ කාලපය තුළ ඇති ආනයනය කළ කැලිකසල අඩංගු බහලුම් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙනයාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරයි. මෙරටට විදේශ කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමට අදාල මුලික කරුණු සලකා බැලීමෙන් පසු මෙය නිකුත් කෙරුනි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුණ ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් එය සලකා බැලුහ. මෙහිදී සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ මෙම බහලුම් ප්‍රතිඅපනයනය කිරීමට හැකියාවක් තිබෙන බවයි. එලෙස කිරීමට පෙර අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතුය. ජනතාවට හානිකර තත්ත්වයක් ඇතිවිය හැකි බව තහවුරුවී ඇති නිසා පෙත්සම් විභාග කිරීමට අවසර ලැබුනි. ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් 20 වැනිදා සිදු කෙරේ.