තරගයක් නොමැතිවම නුවන් කුලසේකර අද සමුගනී

Share Button

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද දිවා-රාත්‍රි තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවෙන් බිහිවු තවත් සුපිරි පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන් නම්කර ඇත. කෙසේ වුවත් රටක කීර්තිය වෙනුවෙන් අනගි මෙහෙවරක් කළ ක්‍රිඩකයෙකුට තරගයක් නොදී සමුදීමට කිසිදු රටක් ක්‍රියාකර නොමැත. පිතිකරණයේදී මෙන්ම පන්දු රැකීමේදී වසර ගණනාවක් පුරා දිගින් දිගටම අසාර්ථකවු ක්‍රිඩකයන්ට අවස්ථා ලබාදීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළ අවස්ථාවක නුවන් කුලසේකරට අවස්ථාවක් නොදීම පිළිබඳව ක්‍රිඩාලෝලිහු එම කමිටුව වෙත දැඩි අප්‍රසාදය පළකරති. ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල ද මේ සදහා වු විරෝධය දැකගත හැකි විය. ඔහුට අවස්ථාවක් ලබාදුන්නේ නම් එක්දින කඩුඵ 200 සීමාවට පැමිණි ක්‍රිඩකයන් අතරට එක්වීමට අවස්ථාව ද තිබුනි. මේ වනවිට කුලසේකර එක්දින කඩුඵ 199 ක් බිඳ හෙලා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිඩාලෝලින්ගේ නවතම රිද්මය බවට මේ වනවිට පත්ව සිටින්නේ අවිශ්ක ප්‍රනාන්දුයි. ක්‍රිඩාලෝලින්ගෙන් ඈත්ව තිබු ක්‍රිකට් යලි හදවත් තුළට ගෙනඒමට ඔහු සමත්වී ඇත.
මේ අතර. නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන 03 වැනිදා දිවයිනට පැමිණෙයි. ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්සේ තරග තුනක් එම තරගාවලියට ඇතුලත්ය. ප්‍රථම ටෙස්ට් තරගය ලබන මස 14 වැනිදා ගාල්ලේදී ඇරඹේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග වර්තමානයේ සිටින කිසිදු පුහුණුකරුවෙකු එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාට දැනුම්දී ඇතැයි ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. කිසිවෙකු හෝ ඉවත්වීමට අකමැති නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකිය. එසේ නොමැති නම් ක්‍රිකට් ආයතනයේ වෙනත් රැකියාවක් ලබාදිය හැකිය. ඊයේ පැවති උත්සවයකින් පසු ඇමතිවරයා මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10