රටවල් 48 ක සංචාරකයින්ට මෙරටේ සංචාරය සදහා විශේෂ පහසුකම්

Share Button

ඉන්දියාව ඇතුලු රටවල් 48 සංචාරකයන් වෙනුවෙන් විසා ගාස්තු අය නොකිරිීමේ ශ්‍රි ලංකා රජයේ තිරණය හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව එක් මසක සංචාරය සදහා ගාස්තු අය කිරිමක් සිදුනොවන බව අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දැක්වු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පැවසීය. සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරිීමට හෝ දිවයිනට පැමිණ විසා අයදුම් කිරීමට හැකියාව ඇත. මෙම ක්‍රියාමාර්ග ආරම්භයේදි මාස 6 ක කාලයක් සදහා ක්‍රියාත්මක බව ඇමතිවරයා පැවසීය. එය දිර්ඝ කිරිම පිළිබදව පසුව තීරණයක් ගනු ලබන්නේ ආදායමට ඇති බලපෑම සැලකිල්ලට ගනිමිනි. මෙහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු ශ්‍රි ලංකාවේ ආරක්ෂක තත්ත්යට දැන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවයි. එම ප්‍රහාර වලට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරකයින්ගේ පැමිණිමේ වර්ධනයක් දැන් සිදුවෙමින් පවති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10