ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත් කෙරේ

Share Button

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත්කෙරේ. එහි සාමාජිකයින්ට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද සිදුකෙරිණ. මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි . අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී. සෝමාවතී රජමහ විහාරාධිපති පුජ්‍ය පහමුනේ සුමංගල . පුජ්‍ය මැදගම ධම්මානන්ද හා පුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන ස්වාමින් වහන්සේලාගේ මුලිකත්වයෙන් ගිහිපැවිදි සාමාජිකයෝ හතලිස් තුන්දෙනෙක් මණ්ඩලයට ඇතුලත්වෙති. මෙම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඉදිරියේදි ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය කිරීම තහනම්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *