බැදුම්කර වාර්තාවේ තුන්වන ඇමුණුමක් නොමැත – ජනපති ලේකම්

Share Button

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සමග එක. දෙක. හතර. පහ ලෙස ඇමුණුම් ඉදිරිපත් වී ඇතත් තුන වශයෙන් සදහන් ඇමුණුමක් ඉදිරිපත් වී නැති බව ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එබැවින් ලැබී නොමැති ඇමුණුමක් ගැන තමන්ට කීමට දෙයක් නොමැති බවද ලේකම්වරයා කියා සිටී. මෙයද බැදුම්කර කොමිසන් සභාවේ වාර්තාව සමග ඇතුලත් කර ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළ 118 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳව තමා ගත් ස්ථාවරය හා සමාන බව ඒ මහතා පවසයි. බැදුම්කර වාර්තාවේ 3 වන ඇමුණුමට වුයේ කුමක්දැයි ජනපති ලේකම් රටට කිවයුතුයි ලෙස බොහෝ විද්යුත් මාධ්‍ය හා පුවත්පත් වාර්තාකොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් අදාළ ප්‍රවෘත්ති පල කර ඇති බව පෙනෙන්නට ඇතැයි ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියයි. ඒ පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති ලේකම්වරයා මෙම නිවේදනයක් නිකුත් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *