ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Share Button

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුඵ දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මෙරට තුළ ආගමික සහජීවනය හා සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරිණි.. පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට හා රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට තමා ගත් පියවර පිළිබද අග්‍රාමාත්‍යවරයා එහිදි මහ ලේකම්වරයා දැනුවත් කලේය. ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරයාට එහිදි පළ කලේය. ජාතීන් අතර සහජීවනය ගොඩනැගීමට තමා කැපවන බව මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කලේය. තම සංචාරයේදි මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීමට තමාට අවස්ථාව සැලසුනු බවත්. බුදුදහමේ හරයාත්මක වටිනාකම් එහිදි තවදුරටත් තහවුරු කරගැනීමට හැකිවු බවද හෙතෙම පැවසීය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමේ අරමුදලට ඩොලර් මිලියන 5ක මුදලක් ප්‍රදානය කිරීමට ද මහලේකම්වරයා එකගවිය. එම ජනතාව පිළිබද සොයා බැලීමට හා ඔවුන්ට උදව් කිරීමට මෙරටට පැමිණිම සම්බන්ධනේ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයාට අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පලකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10