සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකස් කර ගැනීමට ඉවහල් වන මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදැක්වෙයි

Share Button

සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් සකස් කර ගැනීමට ඉවහල් වන මාර්ගෝපදේශන සංග්‍රහයක් එළිදැක්වෙයි.

ආහාර නිෂ්පාදකයන්ට. අලෙවිකරුවන්ට. මෙන්ම පාසල් ආපනශාලා පවත්වාගෙන යන්නන්ට අවශ්‍ය මග පෙන්වීම් සහ උපදෙස් එයට ඇතුළත්ය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සකස් කර ඇති එම මාර්ගෝපදේශන සංග්‍රහය එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පෙරවරුවේ සිදුවිය.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ආහාර සකස් කිරීමේදී අනුගමනය කළයුතු විද්‍යානුකුල ක්‍රමවේද මෙම මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් බවයි.

ළමා පරපුර සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත්කර ගැනීමට එමගින් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි ඔහු සදහන් කළේය. වැරදි ආහාර පිළිවෙත් වර්තමානයේ සමාජයේ බලවත් ගැටඵවක් බවට පත්ව තිබේ. ඒවා සමාජයෙන් බැහැර කිරීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ඉවහල් වනු ඇතැයි ඔහු සදහන් කළේය.

තෙල්. සීනි සහ ලුණු බහුලව ආහාරයට ගැනීමෙන් පාසල් සිසුන් තුළ තරබාරු බව ඉහළ ගොස් ඇතැයි එම අවස්ථාවට එක්වු විශේෂඥ වෛද්‍ය භානුජ විජේතිලක මහතා පෙන්වා දුන්නේය. බෝ නොවන රෝග රැසකට එමගින් මග හෙලවන බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *