හම්බන්තොට නගරාධිපතිවරයාට බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවමක්

Share Button

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවමක් නියම කෙරේ.

හම්බන්තොට මහාධිකරණය අද එම නියෝගය කළේය.. 2014 දී එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය නිරීක්‍ෂණයට ගිය අවස්ථාවේ ව්‍යාජ ගිණිඅවියක් භාවිත කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය. ඊට අමතරයව එම නඩුවේ පස්වැනි විත්තිකරු වන එච්. අයි විමලසේන නැමැති අයටද බරපතල වැඩ සහිත වසර 5 ක සිරදඩුවම් නියම කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *