නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

Share Button

තරග සංචාරයකට සහභාගීවීම සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි.

ටෙස්ට් තරග දෙකක් හා පන්දුවාර විස්සයි විස්සේ තරග 3 ක් තරග සංචාරයට ඇතුළත් වෙයි.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන 14 වැනිදා ඇරඹෙයි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පළමු පන්දුවාර විස්සේ තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන අතර 3 වැනි සහ අවසන් තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *