නව තාක්‍ෂණයත් සමග ඉදිරියට යාමට චිත්‍ර ශිල්පීන්ට අවශ්‍ය පහසුකම්

Share Button

නව තාක්‍ෂණයත් සමග ඉදිරියට යාමට මෙරට චිත්‍ර ශිල්පීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ප්‍රවීන චිත්‍රශිල්පී එච්. එස්. සරත් මහතාගේ චිත්‍ර කලා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් අද කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ පැවැති චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

වර්තමානයේ තාක්‍ෂණයත් සමග චිත්‍ර කලාව ඉදිරියට යමින් පවතී. මෙරටටද දක්‍ෂ තරුණ චිත්‍ර කලා ශිල්පීන් සදහා නව තාක්‍ෂණයත් සමග ඉදිරියට යාමට රජයක් ලෙස ජාතික තරුණසේවා සභාව හරහා කටයුතුකරන බව ඔහු පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *