කලාපීය ආරක්ෂාව සදහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව විදේශ ඇමති අවධාරණය කරයි

Share Button

ත්‍රස්තවාදය . අන්තවාදය . හා සයිබර් අපරාධ ඇතුඵ ආරක්ෂාව හා සම්බන්ධ සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අභියෝගවලට විරුද්ධව ක්‍රියා කිරීම සදහා ඒකාබද්ධ ගෝලීය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා පෙන්වා දෙයි. ත්‍රස්තවාදී තර්ජනයට එරෙහිව ක්‍රියා කිරීම සදහා එහි මූල හේතුවට පිළියම් යෙදිය යුතුය. මෙම අවශ්‍යතා සපුරා ගැනීම පිණිසත් කලාපීයට ආරක්ෂාවට ඇති තර්ජනවලට එරෙහිව සටන් වැදීම පිණිසත් කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කර ගන්නා ලෙස ඔහු 26 වැනි ආසියාන් කලාපීය සංසදයෙන් ඉල්ලීමක් කරයි. ඊයේ තායිලන්තයේ දී සමුඵව ඇමතූ අමාත්‍යවරයා අංශ රැසක සහයෝගිතාව දියුණු කර ගැනීමට කලාපීය රටවල් උනන්දු විය යුතු බව පැවසීය. ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම . අන්තවාදය පිටුදැකීම . තොරතුරු සන්නිවේදනය . හා ආරක්ෂිත භාවිතය තහවුරු කිරීම . කාන්තාවන් හා සාමය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එම සමුඵවට සහභාගි වු නියෝජිතයෝ ශ්‍රීී ලංකාවට පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය හෙලා දුටුවහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *