නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේදි දිවයිනට

Share Button

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන නවසීලන්ත කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. ටෙස්ට් තරග දෙකක් සහ ඕවර විස්සයි විස්සේ තරග තුනක් පැවැත්වීමට නියමිතයි. ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ලේදී එළඹෙන 8 වැනිදා ආරම්භවේ. දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අගෝස්තු 22 වැනිදායි. ඕවර විස්සයි විස්සේ තරග තුනම මහනුවරදී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් පළවැනිදා පැවැත්වීමට නියමිතයි. අනෙක් තරග දෙක සැප්තැම්බර් 3 වැනිදා සහ 6 වැනිදා පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *