දෙකෝටි අසුලක්ෂයක රත්‍රං සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට

Share Button

දෙකෝටි අසුලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග සැකකරුවෝ 9 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. බැංකොක් සිට ගුවන් යානා දෙකකින් අද අලුයම දෙකයි තිහට පමණ පැමිණි මෙම පිරිස කටුනායක ගුවන් තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. රත්‍රං කිලෝ 4 කට අධික ප්‍රමාණයක් ඔවුන් සන්තකයේ තිබි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. සැකකරුවන් නිට්ටඹුව. ගම්පහ . ගල්කිස්ස හා කිරිදිවැල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *