කෘෂි නිෂ්පාදන අපනයනය ඉහළ නැංවිම ප්‍රමුඛ අරමුණක් බව අගමැතිවරයා කියයි

Share Button

කෘෂි නිෂ්පාදන වැඩිකරමින් අපනයනය ඉහල නැංවීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ගොවි ජනතාවගේ නිෂ්පාදන වලට ඉහල මිලක් ලබාගත හැකි පරිදි කෘෂි ආර්ථිකයේ නවිකරණයක් වී තිබේ. එය පුලුල් කිරිම අපේක්ෂාවයි. මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පවරමින් අග්‍රාමාත්‍යවරයා මේ කරුණු දැක්විය. කතරගම. බඩල්කුඹුර හා සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල අලුතින් ඉදිකළ ශ්‍රවනාගාර සහිත ගොඩනැගිලි වික්‍රමසිංහ මහතා මෙහිදි විවෘත කලේය. වගා හානි වු ගොවිමහතුන්ට වන්දි පිරිනැමීමේ උත්සවයක්ද පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාවට නංවන බුත්තල වැල්දොඩම් වගා ව්‍යාපෘතිය අගමැතිවරයාගේ නිරික්ෂණයට ලක්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *