සෞඛ්‍ය සම්පන්න ජනතාවක අවශ්‍යතාව ජනාද්ධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකර ගතයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මැතිතුමා අවධාරනය කරයි. ආහාර ආනයනයට වැය කරන අතිවිශාල මුදල ඉතිරි කරගත හැකිනම් දිළිදුබව පිටුදැකීම දුෂ්කර නැතැයි එතුමා පෙන්වා දෙයි. මින්නේරිය හෙළ බොජුන්හල හා හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ජනතා අයිතියට පවරමින් ජනාධිපතිතුමා අද මේ බව පැවසීය. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙළ බොජුන්හල ස්ථාපිත කර ඇත. වැය කළ මුදල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකි. බෝනොවන රෝගවලට ගොදුරුවන්නන්ගේ ප්‍රතිශතය ඉහළ යමින් පවති. නිවැරදි ආහාර රටාවකට යොමුවීමට සියලුදෙනා කැපවන්නැයි ද එතුමා ඉල්ලිමක් කරයි. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභින්ට කෘෂිකර්ම උපරකණ බෙදාදිමද සංකේතවත්ව අද සිදුවිය. ඒ අතර රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයකට ආසන්න වියදමකින් ඉදිකළ වෙලන්කටුව ශ්‍රි ශෛල ගංගාරාම විහාරස්ථානයේ හා කෝට්ටපිටිය ශ්‍රි බුද්ධගයා ප්‍රභාස්වර පිරිවෙනෙහි සංඝාවාස ගොඩනැගිලි සඝ සතු කිරිම ද එතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ජනාධිපතිතුමා මහවැලි කලාපයේ විහාරස්ථාන 3 කට පුජා ඔප්පු ප්‍රදානය කලේය. ඇලහැර බකමුණ නගරයේ හෙල බොජුන් හලද අද විවෘත කිරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *