ඇමරිකාව නිකුත් කළ සංචාරක උපදේශනය වැරදි ලෙස අර්ථකතනය කරමින් ඇතැම් පුද්ගලයින් ගෙන යන ප්‍රකාශ මුඵමනින්ම සාවද්‍ය බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි

Share Button

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඇතැම් මාධ්‍ය හා පුද්ගලයින් වැරදි ලෙස අර්ථකතනය කරමින් තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වන බවට ගෙන යන ප්‍රචාර මුලුමනින්ම සාවද්‍ය බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. ශ්‍රි ලංකාවේ සංචාරය කරන අමරිකාවේ පුරවැසියන්ට එය පසුගිය සිකුරාදා එය නිකුත් කෙරිණ. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙහි කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු තානාපති ඇලයිනා බි ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නේ එය නිරන්තරයෙන් නිකුත් කරන සාමාන්‍ය නිවේදනයක් බවයි. සැලකිය යුතු නිවාඩු සහ විශේෂ පොදු ක්‍රියාකාරම් වලට ඇමරිකානු පුරවැසියන් සහභාගීවිමේදි ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස තානාපති කාර්යාලය ඔවුන්ට සිහිපත් කරන බව තානාපතිවරිය එහි වැඩිදුරටත් සදහන් කර ඇත. අදාළ උපදේශනය මගින් දෙවන මට්ටමේ ආරක්ෂක තත්ත්වයක් ශ්‍රි ලංකාවේ පවතින බව දක්වා ඇත. සංචාරය කිරිමේදි වැඩි සැලකිල්ලක් දක්වමින් අවට පරිසරය පිලිබද විමසිලිමත් විය යුතු බවත් තර්ජනයට ලක්විය හැකියැයි හදුනාගත් ස්ථානවලට යාමෙන් වැලකිය යුතු බවත්. දෙවන මට්ටමේ නිවේදනයෙන් දැක්වෙයි. ශ්‍රි ලංකාවට අමතරව දෙවන මට්ටමේ ආරක්ෂක තත්ත්වයක් ඉන්දියාව. බංග්ලාදේශය. මාලදිවයින. ප්‍රංශය. රුසියාව. ඉතාලිය. චීනය. බුරුමය සහ ඉන්දියාව වැනි රටවලට නිකුත් කර තිබේ. සංචාරය කිරිමේදි ආරක්ෂක පියවර දැඩිව අනුගමනය කළ යුතුය යන තෙවන මට්ටමේ ආරක්ෂක නිවේදනය පාකිස්ථානය සදහා නිකුත් කර තිබේ. කිසිසේත් රටේ සංචාරය නොකල යුතු බවට වන 4 වන මට්ටමේ ආරක්ෂක තත්ත්ව නිවේදන ඇෆ්ගනිස්ථානය ඉරානය සහ වෙනිසියුලාව සදහා නිකුත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *