අධ්‍යාපන කලාප තුනක පාසල් වැසේ

Share Button

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර, දෙහිඕවිට, නිවිතිගල අධ්‍යාපන කලාපවලට අයත් සියලු පාසල් අද (21) සහ හෙට (22) නොපවත්වන ලෙස සබරගමුව අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා දැනුම් දී තිබෙනවා. මෙම ප්‍රදේශවලට අමතරව අවදානම් තත්ත්වයේ පවතින වෙනත් ප්‍රදේශවල පිහිටි පාසල් ද ඇතිවන කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන පැවැත්වීම හෝ නොපැවැත්වීම සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුනා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *