මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සදහා ආරක්ෂාව තහවුරු කර ඇතැයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි

Share Button

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පැවැත්වීම සදහා ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අවධාරණය කරයි.. ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ අද පැවැති විශේෂ සාකච්ඡාවකදි ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට එක්වු ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසුවේ බියකින් හෝ සැකයකින් තොරව මෙවර ඇසළ පෙරහර නැරඹිමට පැමිණෙන ලෙසයි. සියලු පාර්ශව සමග සාකච්ඡා කර පෙරහර මංගල්‍යය සඳහා ආරක්ෂක විධිධාන යෙදීමට පියවර ගෙන ඇතැයි ඔහු සදහන් කලේය. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවලින් සමන්විත හත්දහසක පමණ පිරිසක් මෙවර පෙරහර වෙනුවෙන් රාජකාරිවල යොදවා ඇති බව මෙම අවස්ථාවට එක්වු මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *