තම රටේ සිටින ඉහළ පෙළෙ ඉන්දිය තානාපති නිලධාරින් රටින් පිටුවහල් කිරිම කෙරෙහි පකිස්ථානයේ අවධානය

Share Button

ඉන්දියාව සමග පවතින තානාපති සබදතා අවම කිරීමට පකිස්ථානය තීරණය කරයි. ඒ අනුව එරට සිටින ජ්‍යෙෂ්ඨ ඉන්දිය තානාපති නිලධාරින් රටින් පිටුවහල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත. ඉන්දියාව සමග සිදුකරන ද්විපාර්ශවික වෙළඳ කටයුතු මුඑමනින්ම අත්හිටුවීම පකිස්ථානය ගෙන ඇති තවත් තීරණයකි. කාශ්මීර ප්‍රාන්තය පිළිබඳව පසුගිය සඳුදා ඉන්දීය රජය ගත් තිරණය හේතුවෙන් පකිස්ථානය මෙම තීරණවලට එළඹ තිබේ. කාශ්මීරයේ ඉන්දිය පාලන ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට බෙදුම්වාදී ත්‍රස්තවාදයක් පවතී. එම නිසා ගෙවී ගිය දශක තුන තුල අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව ඉමහත්ය. කාශ්මීර ත්‍රස්තවාදයට පකිස්ථානය ආධාර කරන බවට ඉන්දියාව චෝදනා කල ද පකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *