මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද වීදි සංචාරය කරයි. පස්වරු 06.50 ට වයඹ දිශාභිමුඛව දළදා මාලිගය අභියසින් ඇරඹෙන පෙරහර දළදා වීදිය. ඊ එල් සේනානායක වීදිය ඔස්සේ ගමන්කර රජවීදියෙන් ඉහළට පැමිණ යළි මාළිගයට ගෙවදි. ඊයේ දිනයේ පෙරහර නැරඹීමට විදේශීය සංචාරකයෝ ඇතුඑ විශාල පිරිසක් පැමිණ සිටියහ. කුඹල් පෙරහර ලබන සිකුරාදා දක්වා පැවැත්වෙන අතර පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ ලබන සෙනසුරාදායි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *