අමෙරිකාවේ සංචාරය කරන්නන් සදහා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් ගෝලීය අනතුරු ඇගවීමක්

Share Button

අමෙරිකාවේ සංචාරය කරන්නන් සදහා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ගෝලීය මට්ටමින් අනතුරු ඇගවීමක් නිකුත් කරයි. ඉකුත් සති අන්තයේ එරට සිදු වු වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය යාමේ සිදුවීම් වලින් පසු මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබේ. එම සංවිධානය නිකුත් කළ සංචාරක උපදෙස් වලට අනුව අමෙරිකාවේ සංචාරය කිරීමේදිී ප්‍රවේශම් වන ලෙසත් හදිසි අවිනිශ්චිත තත්ත්වයකදී සැලැස්මක් තබා ගන්නා ලෙසත් දැනුම් දීමක් කෙරේ. විශේෂයෙන් පුජනිය ස්ථාන. පාසල්. රාත්‍රී සමාජශාලා වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලදී සුපරීක්ෂාකාරීව පසුවන ලෙස ද එම සංවිධානය ඉල්ලීමක් කරයි.
මේ අතර අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයෙකු සිදුකළ පිහියා ඇනුමකින් පුද්ගලයෝ සිව් දෙනෙක් මියයති. එහිදි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත . සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. .පැය දෙකක් තුළදී ස්ථාන හයකදී මෙම පුද්ගලයා දරුණු ආකාරයෙන් හැසිරී තිබේ. පොලිසිය පවසන්නේ ඔහු අත තිබු ගිනි අවිය සහ පිහිය බිම දමා යටත් වු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *